Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වෙසක් පුර පසළොස්වක පොහොය දා  සහ ඊට පසුදින උප ඡායා චන්ද්‍රග්‍රහණයක් සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

එම උප ඡායා චන්ද්‍රග්‍රහණය ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශවලට දිස්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ.

උප ඡායා චන්ද්‍රග්‍රහණය  ලබන පස්වනදා පස්වරු 8.44 ට ආරම්භ වී ඊට පසුදින අලුයම 1.1 දක්වා පැය 4 යි විනාඩි 18 ක කාලයක් එය දිස්වනනු ඇති.

එමෙන්ම  මේ වසරේ ඔක්තෝම්බර් 28 වැනි දින තවත්   චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී  ලංකාවට දිස්වන බවත් ඉන් පසුව ශ්‍රී ලංකාවට පෙනෙන මීළඟ චන්ද්‍රග්‍රහණය ඇතිවනුයේ 2025 සැප්තැම්බර් 7 වැනිදා බවත් මහාචාර්ය ජයරත්න මහතා සඳහන් කලා.

WhatsApp Group

Skip to content