ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් වර්ගීකරණයේ පියවර කිහිපයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රභාත් ජයසුරියට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.

අයර්ලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී දැක්වු දක්ෂතා අනුව ඔහු මෙලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව රමේෂ් මෙන්ඩිස් පියවර 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

 

WhatsApp Group

Skip to content