Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර වැඩි මිලට විකිණීම සහ බෙදාහැරීමට සූදානම් කළ පුද්ගලියන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකා අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර පාරිභෝගික සේවා අධිකාරී නිලධාරී කන්ඩායමක් සමග ඒකාබද්ධව දමන, ගල්ඔය වැවිලි සමාගමේ හිඟුරාන කලාපයේ එක්ගල්ඔය උප කාර්යාලයේදී කරන ලද වැටලීමකදීයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත අම්පාර කඳවුරේ අණදෙන නිලධාරී පුධාන පොලිස් පරීක්ෂක චන්දන මහතාගේ මෙහයවීම මත දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරාන, දමන සහ ජාඇළ ප්‍රදේශවල පදිංචි අවුරුදු 43, 46 සහ 36 යන වයස්වල පසුවන තිදෙනෙකි.

සටහන් කරන ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර විකිනීම සහ බෙදාහැරීමට සූදානම් කිරීමේ වරද යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ මිල ගණන් වෙනස් කරන ලද සහ වෙනස් කිරීමට සූදානම්ව තිබූ ඇග්ස්ටාර් සන්නාමය සහිත KC1 – K20-60%min (MOP) වර්ගයේ කිලෝ 50 පොහොර කවර 577ක ප්‍රමාණයක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනුණු බවයි.

අත්අඩංගුවට සැකකරුවන්ට අමතරව මිල වෙනස් කිරීමේ සීල් එකක් සහ එම තින්ත පෑඩ් එකක් හෑන්ඩ් සේවින් මැෂින් එකක්, බෑග් මැසීමට ගන්නා නූල් පන්දු 14ක් සහ ඇග්ස්ටාර් සන්නම් නාමය සහිත සෙලෝටේප් රෝලක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා පාරිභෝගික සේවා අධිකාරී දිස්ත්‍රික් ප්‍රධානී සාලිය බණ්ඩාර නවරත්න මහතා වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

 

 

WhatsApp Group

Skip to content