වර්ෂාව හේතුවෙන් වී වගාවට හානි සිදු වී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අක්කරයකට රුපියල් හතලිස් දහස බැඟින් වන්දි ලබා දීමට නියමිතයි.

එමෙන්ම හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂය බැඟින් වන්දි ලබා දීමට ද තීරණය කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ.

මේ අතර රක්ෂණය ලබාගන්නේ නම් වන්දි වශයෙන් ලබාදෙන රුපියල් හතලිස් දහසට අමතරව තවත් රුපියල් හැටදහසක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනු ඇති.

මේ අතර පවතින ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර වැඩි මුදලට අලෙවි කළ සහ බෙදාහැරීමට සූදානම් කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අම්පාර ප්‍රදේශයේදියි.

WhatsApp Group

Skip to content