බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට වත්මන් අගමැතිනී සීක් හසීනා නියෝජනය කරන අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිව තිබෙනවා.

විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ මෙම මැතිවරණයේදී වත්මන් අග්‍රාමාත්යවරියට ජය හිමිව ඇත්තේ පිට පිට සිවුවැනි වරටයි.

එම මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ආසන 152 ක් හිමි කර ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ එයට හිතවත් දේශපාලන පක්ෂ සමත් වුණා.

ඒ අනුව, 2009 වසරේ සිට බලයේ රැදී සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක් සදහා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරනු ඇති.

මේ අතර මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් ද අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සිය ප්‍රතිවාදිය වූ කාසි රෙසාවුල් හොසේන්ට වඩා ඡන්ද 150,000ක් ලබා ගනිමින් බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
බටහිර නගරයේ මගුරා – 1 මැතිවරණ කොට්ඨාසයෙන් ශකීබ් අල් හසන් මැතිවරණයට ඉදිරිපත් වූවා.

එම කොට්ඨාසයෙන් ඉදිරිපත් වූ ප්‍රතිවාදිය වූ කාසි රෙසාවුල් හොසේන්ට ලබාගැනීමට හැකි වූවේ ඡන්ද 45,993ක් පමණි.

කෙසේ වෙතත් බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මෙවර මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබුණා.

WhatsApp Group

Skip to content