Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ආසන සංවිධායක ධුරයක් ලබාගැනීමට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසේකර මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් පුළුන් සන්ධානයක් ගොඩනගන්නේ නම් ඒවටා එක්වීමේ ගැටලුවක් නොමැති බවයි.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයත්වය අහෝසි කිරීම හේතුවෙන් තමන් ස්වාධීන පුද්ගලයෙක් බවත් ඒ් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන පක්ෂ 18ක සහභාගීත්වයෙන් ආරම්භ කර ඇති අතර එහි සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කෙරුණා.

 

WhatsApp Group

Skip to content