මෙවර මහ කන්නයේ දී ගොවීන් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග දැනට ගොවි ජනතාව සතුව තිබෙන බැවින් ඒවා වහාම අලෙවියට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවස්නේ බඩඉරිඟුවල හිඟයක් දැනට රට තුළ පවතින බැවින් නැවත බඩඉරිඟු ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.

බඩඉරිඟු මිල ඉහළ යනු ඇති බවට අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තබාගැනීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බවද කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිසා දැනට බඩ ඉරිඟු සඳහා හොඳ මිලක් ලැබෙන බැවින් ගොවි ජනතාව සතුව පවතින බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

 

WhatsApp Group

Skip to content