බඹරුන් දෂ්ට  කිරීම   හේතුවෙන් බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ  ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පාසල අසල පුද්ගලික ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මේ හේතුවෙන්  බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් ඇතිව අද දිනයේදී  පාසල වසා තැබීමටයි   පියවර ගෙන ඇත්තේ.
රෝහල ආරංචි මාර්ග සඳහන් කලේ තුවාලකරුවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බවයි.

WhatsApp Group

Skip to content