තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට  අද උදෑසන තේ වත්තේ සැරිසැරු කදුකර කොටියෙකු පහර දි  තිබෙනවා

එම පුද්ගලයා  බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව අප වාර්තාකරු සදහන් කළා

බ්‍රිඩ්වෙල් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුට  මෙලෙස  පහරදී කදුකර කොටියා පලාගොස් ඇති බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ

පහර දුන් කදුකර කොටියා රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බවද බගවන්තලාව පොලිසිය තවදුරටත් කියා සිටියා

වතු කම්කරුවන් සමග තේ වත්තට පැමිණෙන  සුනඛයන් ගොදුරු කර ගැනිම සදහා  මෙම කදුකර කොටින් පැමිණෙන අතර ඊට  බාධ කරන ඕනැම අයෙකුට පහර දි තුවාල සිදු කරන  බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content