උපයනවිට අයකෙරෙන බද්දට අදාළව සහනයක් ලබා ගැනීම සදහා ස්ථිර කාල රාමුවක් සකස් කර ගැනීමට ජනාධිපති ලේකම්වරයා එකග වී තිබෙනවා.

වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ ජනාධිපතිවරයා සමග ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවේදී මේ පිළිබද අවධානය යොමු කරන බව ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළ බවයි.

ජනාධිපති ලේකම්වරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ජනාධිපතිවරයා සමග එළඹෙන සතියේදී සාකච්ඡාවක් පැවීමට නියමිත බවයි වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව සදහන් කළේ.

ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු වෘත්තිය සමිති නියෝජිතයින් මෙලෙස මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/03/WURTHIYA-SAMITHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content