Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු පැහැර හරින්නන් සම්බන්ධයෙන් සපයන ලද තොරතුරු පදනම් කරගනිමින් බදු අය කළ විට රැස් කරන ලද ආදායමෙන් සියයට 15 ක් දක්වා එසේ මූල්‍ය ත්‍යාග ලෙස පිරිනමන බවයි වාර්තා වන්නේ.

තවද හිතාමතා බදු පැහැර හරින පුද්ගලයින් පිළිබදව තොරතුරත් දන්නේ නම් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙසත්, තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් සදහන්.

මේ අනුව එකතු කළ අගය මත බදු වංචා, අසත්‍ය නිදහස් කිරීම්, අසත්‍ය ලියවිලි ආදි නෛතික උල්ලංඝනය කිරීම් ගැන ද මෙහිදි තොරතුරු ලබා දීම් සිදු කළ හැකියි.

WhatsApp Group

Skip to content