ඊයේ දිනයේ සිදු කළ බදු සංශෝධනය බලාත්මක වන්නේ කිසියම් පිරිසකට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ තමන් ඉල්ලා සිටි බදු සංශෝධනය එය නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/02/CHAMIL-WIJESINGHA-EDIT.mp3?_=1

මේ අතර ලංකා බැංකු සේවක සංගමය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බවයි.

https://www.vnews.lk/storage/2023/02/RANJAN-SENANAYAKA-EDIT.mp3?_=2

මේ අතර නව බදු පනත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා.

ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වෙලේබොඩ මහතා පැවසුවේ ආණ්ඩුව එක් කළ බදු සංශෝධන පිළිගත නොහැකි බවයි.

සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයින්ට සහන සැලසෙන බදු සංශෝධනයක් රජය ඉදිරිපත් කළ යුතු බවද ගාමිණි වෙලේබොඩ මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/02/WIJITHA-WELEBODA-EDIT.mp3?_=3

මේ අතර නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීමට තැපැල් සේවකයින්ද අද විරෝධතාවක් ආරම්භ කර තිබුණා.

දිවයිනේ සිය`ඵම තැපැල් කාර්යාලවල දින 3ක් ක`ඵ තැපැල් විරෝධයක් ක්‍රියාත්මක කිරීමටයි තැපැල් සේවකයින් කටයුතු කර ඇත්තේ.

ප්‍රදේශ රැසක තැපැල් සේවකයින් ක`ඵ පටි පැළඳ තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධය පළ කර තිබුණා.

උපයන විට අය කරන බද්ද වහාම අහෝසි කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාවන් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාවට එක්ව සිටි තැපැල් සේවකයෙකු මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/02/THAPAL-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content