මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම අද සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා .

එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි.

පසුගියදා ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කලා.

දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ඔහු සදහන් කළා.

ලක් පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් මඟින් ඉදිරි සතියේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500 ක බෙදා හැරීම් සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content