Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන අද සිට සංශෝධනය වන බව, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙරත් මහතා පවසනවා.

දුම්රියේ ගමන් ගන්නා මගීන් ප්‍රමාණය වැඩිවීම, වේගසීමා පැනවීම මත මෙලෙස දුම්රිය කාලසටහන සංශෝධනය වෙනු ඇති.

ඉදිරියේදී අනෙකුත් දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රියන් හි අදියර කිහිපයක් යටතේ දුම්රිය ගමන් ගන්නා වේලාව සංශෝධනය කිරීමට නියමිතයි.

ඒ අනුව,අද සිට නව කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස කිහිපය තුළ අවස්ථා ගණනාකදී දිවයින පුරා දුම්රිය පීළි පැනීම් වාර්තා වුණා.

ඒ දුම්රිය මාර්ග පද්දතිය නිසි පරිදි නඩත්තු කිරීම සඳහා වන පීලිවල පවතින දැඩි හිඟය හේතුවෙන්.

මෙලෙස මාර්ගවල ඇති දෝශ හේතුවෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා සියළු දුම්රිය මාර්ග ආවර්ණය වන පරිදී නව වේග සීමා පැනවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content