මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර බෙදා දීම හෙට සිට ආරම්භ කරන බව කොමර්ෂල් පොහොර සමාගම පවසනවා .

එහි සභාපති ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876 ක් මෙවර බෙදා හරින බවයි.

ඊයේ ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,500ක තොගය බෙදා හැර ඇතැයි ද ඔහු සදහන් කළා.

දිස්ත්‍රික්ක 25 සඳහා යූරියා මෙට්‍රික් ටොන් 54,000 ක් මේවන විටත් බෙදා හැර ඇති බවත් , එසේම අනුරාධපුර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සඳහා මෙට්‍රික් ටොන් 1000 ක් අද දිනයේ බෙදා හැරි බවත් ජගත් පෙරේරා මහතා කියා සිටියා .

මේ අතර පොහොර ලබා දීම සමබන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා ද අදහස් පල කළා

https://www.vnews.lk/storage/2022/12/MAHINDA-AMARAWEERA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content