මහජනතාවට හිරිහැර සිදුවන ලෙස පැවැත්වෙන නීතිවිරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිස් බලතල භාවිත කරන බව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් පවසනවා.

පොදු මහජනතාවට හිරිහැර වන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි මහා බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නීතියට එරෙහිව කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව බලය භාවිත කිරීම අත්‍යවශ්‍ය වන බව ද රීෂි සුනක් කියා සිටිනවා.

කෙසේවෙතත් නීත්‍යානුකූල උද්ඝෝෂණ සඳහා බාධාවක් නොමැති බවයි මහා බ්‍රිතාන්‍යය රජය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content