ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු පවසන්නේ මේ වන තුරු කිසිවෙක් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම දී නොමැති බවයි.

කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.

https://www.vnews.lk/storage/2022/12/BANDULA-GUNAWRDHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content