Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 4 වනදාට බන්ධනාගාරගතව වසරක් ගතවන්නේ නම් දින 21ක සමාවක් හිමිවන අතර, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීම වනවා.

ඊට අමතරව වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම කර හෙට දිනය වන විට එම දඬුවමින් වසර විස්සක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමද සිදු කෙරෙනු ඇති.

එලෙස පොදු සමාවට සුදුසුකම් ලබන සියලු සිරකරුවන් හෙට දිනයේ දී බන්ධනාගාර වලින් නිදහස් කිරීමට කටයුතු කෙරෙන බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content