අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊට ඝාතනයට අදාළ සැකකරු මේ වන විටත් රටින් පළා ගොස් ඇති බවයි.

ඊයේ දින බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ නිමි ඇඳුම් ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයා ගනු ලැබුවා.

මෙම මළසිරුර හමු වූ එම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර මේ හේතුවෙන් සැක පළ වී ඇත්තේ එය ඝාතනයක් ලෙසටයි.

මේ පිලිබඳව සිදුකරන ලද මුලික විමර්ශනවලදි හිසට පහර දී ඝාතනය කර අනතුරුව ව්‍යාපාරිකයාගේ සිරුර පිහිනුම් තටාකයට ඇද දමා ඇති බවට ද පොලිසිය සැක පළ කරනවා.

මෙලෙස මියගොස් ඇති ව්‍යාපාරිකයා පනස් හැවිරිදි වියේ පසු වූ අතර ඔහු අවිවාකහක බවද සඳහන්.

එමෙන්ම ඝාතනය කළ බවට සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථයද මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

මෙහිදි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළ විදෙස් ගත වී ඇති බවයි.

මේ අතර පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් හටගත් ගැටුමක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවයි.

පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content