බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් තලවකැලේ, ලිඳුල, ෆර්හෑම් වත්තේ වතු කම්කරුවෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිඳුල, ෆර්හෑම් වත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක් බවයි ලිඳුල පොලිසිය සඳහන් කලේ.

වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයන් අතරට එකවරම බඹර කූඩුවක් කැඩී වැටී ඇති අතර එහි සිටි බඹරුන් ඇවිස්සී පුද්ගලයන් දෙදෙනෙකු හට දෂ්ඨ කොට තිබෙනවා.

බඹරුන්ගේ දෂ්ඨ කිරීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට රැගෙන විත් ඇති අතර ඒ වන විටත් එක පුද්ගලයකු මියගොස් සිටි බවයි, ලිඳුල ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා ප්‍රකාශ කලේ.

බඹරුන්ගේ දෂ්ට කිරීමට ලක්වූ අනෙක් පුද්ගලයා නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content