ඩිසල් මිල පහල දැමීමත් සමග බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින 02 ක් පමණ ගත වනු ඇති බවයි ඔහු කියා සිටියේ .

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල් නිලාන් මිරෙන්ඩෝ පැවසුවේ ගාස්තු සංශෝධනය කිරීමේ හකියව පිළිබද අධ්‍යයනය කරමින් පවතින බවයි.

WhatsApp Group

Skip to content