Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් ඔහු දිවුරුම්දී සතියක කාලයක් ඉක්මවා යාමටත් පෙරයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජේ්ර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම විරෝධතාවලට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීල ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළුවී එහි දේපළවලටද හානි සිදුකර තිබෙනවා.

බ්‍රසීල ජාතික ධඡයේ වර්ණවලින් සැරසී සිටි විරෝධතාකරුවන් එරට ජනාධිපති මන්දිරය ආසන්නයේද විරෝධතාවල නිරත වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ .

කෙසේ වෙතත් විරෝධතාකරුවන් පලවා හැරීම සදහා එරට ආරක්ෂක අංශ කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ.

WhatsApp Group

Skip to content