රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළදී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

සේපාල් අමරසිංහ රදවා සිටිනේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ එල් වාට්ටුවේ බවයි සඳහන් වන්නේ.

එහිදී ඔහුට මෙම පහර දීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් .

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර ගත කරන පුද්ගලයන්ට බන්ධනාගාර ගත කර සිටින ඇතැම් රැඳවියන් විසින් පසුගිය කාලයේදී ද පහර දී තිබුණා.

කෙසේ වෙතත් මෙම සැකකරුට පහර දුන් පුද්ගලයන් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content