එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා එළඹෙන 06 දා මෙරටට පැමිණීමට නියමිතයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව බෑන් කී මූන් මහතා මෙරට සංචාරයේ නිරතවන බවයි.

තිරසර සංවර්ධනය මෙන්ම දේශගුණික විපර්යාසවලට අදාලව ගිවිසුම් කිහිපයක් එහිදී අත්සන් කෙරෙනු ඇති.

බෑන් කී මූන් මහතා මේ වන විට දකුණු කොරියාවේ රාජ්‍ය ආයතනයක් වන ගෝලීය හරිත වර්ධන ආයතනය හෙවත් GGGI ආයතනයේ සභාපති ලෙස කටයුතු කරනු ලබනවා.

බැන්කි මූන් මහතා මෙරට දී ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ එම ආයතනයේ ප්‍රධානියා ලෙසින්.

මෙරට ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content