බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කෙරෙන ඖෂධ සහ ආහාර වර්ගවල බදු ඉවත් කිරීමට රජය කටයුතු කළහොත් එම මිලට බිත්තර ලබාදිය හැකි බවයි එම සංගමය පවසන්නේ.

එම සංගමයේ සභාපති නිලේෂ් රූපසිංහ මහතා පවසන්නේ ඩීසල්, පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිල ද ඉහළ ගොස් ඇති නිසා බිත්තර මිල ද ඉහළ ගොස් ඇති බවයි.

මේ තත්ත්වය යටතේ ඇතැමුන් බිත්තර ආනයනයට ක්‍රියා කරන්නේ කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් බවට ද බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content