Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බිත්තර ආනයනයෙන් මෙරට වෙළදපොළ තුළ පවතින බිත්තර හිඟය තවත් අර්බුදකාරි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

එහි සභාපති ඇන්ටන් නිශාන්ත මහතා කියා සිටියේ බිත්තර නිෂ්පාදකයකින් මේ වන විට මව් කිකිළියන් මස් පිණිස නිෂ්පාදනය සදහා විකිණීමට පෙළඹීම හේතුවෙන් බිත්තර හිගය තවත් උග්‍ර වනු ඇති බවයි.

මේ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වනිගරත්න මහතා කියා සිටියේ ඉදිරියේදී ද බිත්තර මිලියන 10 ක ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සදහා ඇණවුම් කර ඇති බවයි.

එමගින් මෙරට පවතින බිත්තර හිඟය පහව යනු ඇති බවටයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම බේකරි නිෂ්පාදකයින් ද පැවසුවේ බිත්තර හිඟය හේතුවෙන් උත්සව සමය සදහා කේක් නිෂ්පාදනය අත්හිටවා ඇති බවයි.

මේ අතර දිස්ත්‍රික්ක රැසක පාරිභෝගික අධිකාරිය මගින් සිදු කරන ලද වැටලීම්වලින් අනාවරණය වී ඇත්තේ පාලන මිල ඉක්මවා වෙළඳුන් විසින් බිත්තර අලෙවි කරන බවටයි.

මේ අනුව එම වෙළදුන් සදහා නඩු පවරා ඇති බවටයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content