ඉන්ධන මිල අඩු කිරීම මගින් විදුලිබිල පහත දැමීම සම්බන්ධව යෝජනාවලියක් කඩිනමින් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම් දී තිබෙනවා.

ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළදපොලේ ගල් අඟුරු මිල පහත යාම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම යන කරුණු සලකා බලමින් අදාළ ඉල්ලීම සිදු කළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ.

ඉන්ධන මිල පහත දැමීම තුළින් විදුලි ගාස්තුව සියයට 20 කින් පමණ අඩු කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content