බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

එසේම බිත්තර සඳහා වන උපරිම මිලක් අද(14) දිනය තුළ නියම කරන ලෙසටද ඒම අධිකාරියට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොනු කරන ලද පෙත්සම අද(14) යළි සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම යළි හෙට(15) කැඳවීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content