යාපනය, නුවර ප්‍රධාන මාර්ගයේ මාන්කුලම ප්‍රදේශයේදී බිත්තර පැටවු කුඩා ලොරි රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබු තවත් ලොරි රථයක ගැටී තිබෙනවා.
අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි මාන්කුලම පොලිසිය පවසන්නේ.
බිත්තර පැටවු කුඩා ලොරි රථය වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබුනා.
තුවාල ලබා ඇත්තේ එහි රියදුරු හා රිය සහයකයායි.
තුවාල ලැබූවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවසූවේ ලොරි රථයේ තිබු බිත්තර සියල්ල විනාශ වි ගොස් ඇති බවයි.

(වවුනියාව – මාධව කුලසූරිය)

WhatsApp Group

Skip to content