Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගයේදී අද(12) පැවැත්වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ මේ වන විට එක් තරගයක් ජයග්‍රහණය කරමින් ඉන්දීය කණ්ඩායම පෙරමුණ ගෙන තිබෙනවා.

තරගාවලියේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් ඳරවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුසංක ආබාධ තත්ත්වයක් හේතුවෙන් එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

යම් හෙයකින් ඩිල්ෂාන් අද තරගයට ක්‍රීඩා නොකරන්නේ නම් ඒ් වෙනුවෙන් දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කණ්ඩායමට ඒක්වීමට බොහෝ දුරට අවස්ථාව ඇති බවයි වාර්තා වන්නේ.

චාමික කරුණාරත්නද පන්දුවක් ඇගේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්ව ඇති අතර කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ චාමික අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අව්සථාව ඇති බවයි.

තරගය අද(12) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

 

 

WhatsApp Group

Skip to content