Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රීයේ දී වත්තල පොලිස් වසමේ හැඳල හන්දිය ප්‍රදේශයේ දී කෑකෝ ගසමින් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිසීමේ දී පොලීසියෙන් නවතා ඇති බව සඳහන්.

ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමට උත්සාහ කරන අවස්ථාවේ දී පුද්ගලයින් දෙදෙනෙක් බීමතින් සිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී අදාළ පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී පළාගොස් තිබෙනවා. .

එම සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව වත්තල ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් තිදෙනා ත්‍රීරෝද රථය සමග අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content