පවතින අයහපත් කාළගුණය හමුවේ වැසි තත්වයේ වැඩි වීම හේතුවෙන් කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් හදිසියේ විවෘත කර තිබෙනවා.

එමඟින් තත්පරයට ඝන අඩි 1000ක වේගයකින් කලා ඔයට ජලය මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් කලා වැව දෙපස සහ පහළ සිටින ජනතාවට සැළකිලිමත් ව සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content