Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා බවට සැක සහිත සාමාන්‍ය ඇඳුමෙන් සැරසි අධිකව බීමත්ව සිටි පිරිසක් මහනුවර නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ අද අලුයම් කාලයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැක කටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වූයේ මොවුන් සතුව හැඳුනුම්පත් නොමැති බවත්, ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා පිරිසක් බවත්ය.

එම පිරිසෙන් පස් දෙනෙකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා බවත්, එක් අයෙකු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේ නමක් බවටත් සොයා ගෙන තිබෙනවා.

මොවුන් මහනුවර නගරයේ මත්පැන් ශාලාවකින් මත්පැන් පානය කොට ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වුණා.

WhatsApp Group

Skip to content