මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.

දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සන්ධානය අවධාරණය කර සිටියේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ නිදහස ලැබුණු විගසම ප්‍රජාතන්ත්‍රවාදය යන මුවාවෙන් එය බහුතරවාදයක් බවට පත් වී ඇති බවයි.

මේ හේතුවෙන් රටේ ජීවත් වන සු`ඵ ජනතාවට නිදහසක් නොලැබීම කණගාටුදායක බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ නිදහසෙන් පසුව මේ සැමරීමට යන්නේ මළවුන්ගේ නිදහස බවයි.

https://www.vnews.lk/storage/2023/01/CHNDIMA-WEERAKKODI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content