බුදු දහම ලොව හොඳම ආගම ලෙස සම්මානය හිමිකර ගෙන තිබෙනවා.

ජිනීවා ට්‍රිබියුන් පුවත්පත සඳහන් කරන්නේ ආගමික ඉකාරාස් සංවිධානය විසින් එය පිරිනමා ඇති බවයි.

ආගමික නායකයන් 200 දෙනෙකුගෙන් පමණ සමන්විත කමිටුවක් විසින් මෙම ඒකමතික තීරණය ගෙන ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

ආගම් 38කට අයත් නායකයන් මේ සඳහා ඡන්දය භාවිත කර තිබෙනවා

ඉකාරාස් සංවිධානයේ පර්යේෂණ ප්‍රධානි ජෝන්නි හල් සඳහන් කළේ බෞද්ධයන් කිසි විටෙක ආගමික යුද්ධයක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

ජිනීවා පදනම් කරගත් ආගමික හා අධ්‍යාත්මික දියුණුව සඳහා වූ ජාත්‍යන්තර සන්ධානය හෙවත් ඉකාරාස් නිවේදනය කර ඇත්තේ සම්මානය බෞද්ධ ප්‍රජාව වෙත පිරිනමන බවයි.

WhatsApp Group

Skip to content