තුර්කියේ සිදු වූ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද දිනයේ සිදු කළ මෙහෙයුම් කටයුතුවලදී සුන්බුන් අතර සිරව සිටි අලුත උපන් බිලිදෙකු සහ මවක් සොයා ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

භූ කම්පනය සිදු වී පැය 90කට අධික කාලයකට පසුවද ජීවතුන් අතර සිටියදී සොයා ගත් මෙම බිළිදා සහ ඔහුගේ මව රෝහල් ගත කර ඇති බවයි ස්ථාන්බුල් නගරාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

මෙම භූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2011 වසරේ මාර්තු මාසයේදී ජපානයේ ෆුකුෂිමා හි සිදු වූ ව්‍යසනය ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content