Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්තාපනය සඳහා යොමු කිරිමේදී පවතින ඉඩ පිළිබඳ බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාක් ලබාගෙන රැඳවියන් යොමු කිරීම හෝ සියලු නඩු අවසානයේ පුනුරුත්තාපනයට යොමු කිරීම සිදුකළ යුතුව වනවා.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් හැකි සෑම අවස්ථාවකම බන්ධනාගාර පුනුරුත්තාපනයට යොමු නොකර පුනුරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ මධ්‍යස්ථාන, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මධ්‍යස්ථාන හෝ ප්‍රජා විෂෝධනය සඳහා යොමු කිරීම සිදුකළ යුතු බවටයි අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරින් ට දැනුම්දී ඇත්තේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර සහ මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානවල දැඩි තදබදයක් හටගෙන ඇති බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබුණා.

WhatsApp Group

Skip to content