Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කන්ඩායම සමත් වුණා .

ඒ කලම්බු ස්ටාර් කණ්ඩායම කඩුලු 2 කින් පරාජය කරමින්.

https://www.vnews.lk/storage/2022/12/CRICKET-1.mp3?_=1

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තීරණය කලේ.

ඒ අනුව පිටියට පිවිසි කළම්බු කන්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුනු 163 ක් ලබා ගත්තා .

එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 40 කින් ලකුනු 49 ක් රැස් කල අතර පන්දු 33 කින් රවී බොපාරා ලබා ගත් ලකුනු සංඛ්‍යාව 47 ක් .

පන්දු යැවීමේදී ජැෆ්නා නායක තිසර පෙරේරා , බිනුර ප්‍රනාන්දු ,මහීශ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ – කඩුල්ල බැගින් දවා ගත්තා .

ලකුනු 164 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කන්ඩායම පන්දුවාර 19 යි පන්දු 2ක් අවසානයේ ජය තහවුරු කර ගැනීමටයි සමත් වුනේ .

මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 43 කින් ලකුනු 50 ක් ලබා ගත්තා .

සදීර සමරවික්‍රම පන්දු 27 කදී ලබාගත් ලකුනු සංඛ්‍යාව 44 ක් .

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුනු 23 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර බෙනී හෝවෙල් දවා ගත් කඩුලු සංඛ්‍යාව 2 ක් .

ඒ අනුව පිට පිට 3 වන වරටත් එල් . පී . එල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමටයි ජැෆ්නා ජැෆ්නා කිංග්ස් කන්ඩායම සමත් වුනේ.

තරගයේ වීරයා සම්මානය අවිශ්ක ප්‍රනාන්දුටත්- තරගාවලියේ වීරයා සම්මානය සදීර සමරවික්‍රමටත් හිමි වුනා.

WhatsApp Group

Skip to content