යාපනය කෝපායි ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

අදාළ සිසුවා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බවයි පොලීසිය පැවසුවේ.

අනතුරුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ එම සිසුවා අධි මාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි.

 

WhatsApp Group

Skip to content