Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 11 ඇතුළත සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 31,342 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාන්තාවන් 4,559ක් ද ඒ අතර සිටීම විශේෂත්වයක්.

හෙරොයින්, කොකේන්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි මෙන්ම දුම්වැටි සම්බන්ධ වැටලීම්වලට අදාළව යි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 350කට අධික යි.

ඒ සම්බන්ධව පැවරූ නඩුවලදී අධිකරණය මගින් සැකකරුවන්ට රුපියල් මිලියන 118ක දඩ මුදලක්ද පනවා තිබෙනවා.

මීට අමතරව මේ වසර තුළ දී සුරාබදු බලපත්‍රලත් ස්ථාන ආශ්‍රිතව වැටලීම් 3,640ක් සිදු කර ඇති අතර, එහි දී පනවන ලද සමස්ත මුදලේ වටිනාකම රුපියල් මිලියන 127ක්.

WhatsApp Group

Skip to content