වසර 12 කට පසු මෙරට වන අලි ගහනය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

අවසන් වරට මෙරට වන අලි සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2011 වසරේදීයි.

එම වසරේ සමීක්ෂණ වාර්තා මෙරට වන අලි ගහනය 5000 ඉක්මවනු ලැබුවා .

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ දැනට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවලට අයත් නිලධාරීන් ප්‍රමාණවත් නොවන බැවින්, මෙම සමීක්ෂණය සඳහා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන මෙරට සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, පරිසරවේදීන් ඇතුළු සියලුදෙනාගේ සහයෝගය ලබා ගන්නා බවයි.

WhatsApp Group

Skip to content