Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල්වල ඇලවීමට හඳුන්වාදුන් ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හරහා රජයට වාර්ෂිකව රුපියල් බිලියන 60ක ආදායමක් අහිමි වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

2023 වසර සඳහා වන අයවැය තුන්වන වර කියවීමේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ 2017 වසරේ ආරක්ෂක ස්ටිකර් විශේෂාංගය හඳුන්වාදීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් බිලියන 40ක බදු ආදායමක් අහිමි වූ බවයි.

වෙළඳපොළට ඇතුළු වන ව්‍යාජ නිෂ්පාදන හඳුනාගැනීම් සඳහා මෙම ආරක්ෂිත ස්ටිකර වැඩපිළිවෙළ හඳුන්වා දුන්න ද එය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේ සිටම දූෂණ වංචාවලින් පිරී ගොස් තිබූ බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.

ඒ හරහා මෙම වැඩපිලිවෙල අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන ජාවාරමක් හේතුවෙන් මේ වන විට රජයට රුපියල් බිලියන 60ක පාඩුවක් සිදු වී ඇති බව පෙන්වා දෙන අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ එම ස්ටිකර මුද්‍රණය කිරීම සඳහා අදාල ටෙන්ඩරය ලබා දුන් මැඩ්රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම ලෝකයේ රටවල් තුනක අසාදු ලේඛන ගත කළ සමාගමක් බවයි.

WhatsApp Group

Skip to content