Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව රුපියල් 2,000ක මත්පෙති 40ක් අලෙවි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති අලෙවි කරන බවයි.

මේ අතර, කොකේන් මත්ද්‍රව්‍ය, මත් මිශ්‍ර මුද්දර සහ කුෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් බවයි වාර්තාවන්නේ.

ඇතැම් රේගු නිලධාරීන් වරාය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවෙකු වරායෙන් පිටවන අවස්ථාවේ දී චෛත්‍ය පාරේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දීයි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර රුපියල් මිලියන 10ක කප්පම් මුදලක් ඉල්ලා මඩකළපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ දී ගුරුවරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුගේ පියා සහ පැහැර ගැනීමට ලක්වූ ගුරුවරයා අතර ඉඩම් ගැටලුවක් සම්බන්ධයෙන් ද ආරවුලක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

මේ අතර උතුර කොළඹ කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රජා උපදේශන සැපයීමේ කටයුතු වැඩසටහනක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා පවසනවා .

ඔහු පැවසුවේ එම වැඩසටහනට අදාළව එම කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් 1,200ක පමණ පිරිසකට අදාළ සේවා සැපයීම ආරම්භ කළ බවයි .

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේ.

WhatsApp Group

Skip to content