Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු තමාට පහරදුන් බව පවසමින් ගුරුවරයෙකු දියතලාව මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා .

ඔහු බණ්ඩාරවෙල පූනාගල දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු බවයි වාර්තා වන්නේ.

අදාල ගුරුවරයා පවසන්නේ තමාට පාසල තුළට පැමිණි හිටපු පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙලෙස පහර දුන් බවයි .

විදුහලේ ගොඩනැගිලිවල පිළිසකර කිරීමේ කටයුත්තකට ගුරුවරුන් ඇතුළු පිරිසක් පසුගිය ඉරිදා පාසලට පැමිණ ඇති අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා සමග හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයාද පැමිණ තිබෙනවා .

එහිදී අදාළ ගුරුවරයා සහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වනවා .

මේ අතර මෙම සිද්ධියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට පවසමින් විද්‍යාලයේ ගුරුවරුන් ඊයේ බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවක නිරත වුණා .

මේ අතර තමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිලි කර තිබෙනවා .

ඒ අනුව අදාළ පුද්ගලයා බණ්ඩාරගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී සිහිසුන්ව ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ .

ඔහුව සුවසැරිය ගිලන් රථයක් මගින් බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කෙරුණා .

පහර කෑ බව කියන පුද්ගලයා පානදුර දිග්ගල ප්‍රදේශයේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායකවරයෙකු වන අතර ඔහු තම මිතුරෙකු සමග අවමංගල්‍යකට සහභාගී වී , පැමිණෙමින් සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පහරදුන් බවටයි චෝදනා කරන්නේ .

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ, තමා එවන් කිසිඳු පහරදීමකට සම්බන්ධ නොවූ බවයි .

WhatsApp Group

Skip to content