Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ රැසක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ උත්තර ලංකා සභාගය එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ආණ්ඩුව ගෙන එන යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව ඡන්දය ලබා දෙන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කලා.

https://www.vnews.lk/storage/2023/05/G.L-PIRIS-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content