හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා අවශ්‍ය වෛද්‍යවරුන් ඇතු`ඵ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පුහුණු වීම් සිදු කර අවසන් බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

බෝවන රෝග ඒකකය සහ ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව එම කටයුතු සිදු කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සදහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

 

https://www.vnews.lk/storage/2023/05/LAHIRU-KODITHUWAKKU-EDIT-.mp3?_=1

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එමෙන්ම දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය 370 ක් අතරින් සියයට 17 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content