මේ වන විට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා .

ඔහු කියා සිටියේ පසුගිය මාර්තු – අප්‍රේල් මාසවල විවෘත වෙළෙඳපොළේ මිල ගණන් සංසන්දනය කිරීමේදී නොවැම්බර් මස වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීමට හැකි වූ බවයි .

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව සදහන් කළා .

2023 වර්ෂයේ මාර්තු මාසය වන විට මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය නැවත ආරම්භ කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා .

WhatsApp Group

Skip to content