ගාලු මුවදොර පැවැති ගෝඨා ගෝ ගම නැමති අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.

ඒ, විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවයි.

දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා මේ අනුව අවසර ලබාදෙන බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජූනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා ඇති බව සඳහන්.

අදාළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content