Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා.

මේ අනුව දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා අද සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකියි.

අදාළ මිල අඩු කිරීම් යටතේ කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල රුපියල් 215 ක්, බී ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 199 ක් සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක් රුපියල් 495 ක් යටතේ පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි වනවා.

මේ අතර ආනයනික කිරිපිටි මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240 ක් වන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

එමෙන්ම ග්‍රෑම් 400 ආනයනික කිරි පිටි පැකැට්ටුවක මිල ගණන් මින් පෙර පැවතුණේ රුපියල් 1160 ත් 1180 ත් අතර මිලකටයි.

සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් කිරිපිටි මිල යළිත් මෙලෙස ඉහළ යාමට හේතුව බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content