වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, බැංකු – මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5% ක්.

මහ බැංකුව – බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ.

දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන්ගේ මෑත කාලීන හා අපේක්ෂිත ප්‍රවණතා මෙන්ම පුරෝකථන සැලකිල්ලට ගෙන, උද්ධමන පීඩන පාලනය කිරීමට – මුදල් තත්ත්වයන් ප්‍රමාණවත් ලෙස දැඩිව පවතින බව සහතික කිරීම සඳහා – මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවද මහ බැංකුව නිවේදනය කළා.

WhatsApp Group

Skip to content